eaZy A levelZ

ආර්ථික විද්‍යාව -2වන කොටස

2 comments

ඔන්න යාලුවනේ තවත් අලුත් post එකක් අරන් අවා. අදත් අපි බලමු ආර්ථික විද්‍යාව ගැන වැදගත් කොටසක් ගොඩක් සරලව ඉගෙන ගන්න.

හරි අපි දැන් පහල තියෙන රූප සටහන බලමු.
econ sinhala eazyalevelz
.

හරි අපි දැන් හෙමින් සැරේ බලමු මේසටහනට අනුව මොකක්ද මේ කියල තියෙන්නේ කියල.

ආර්ථික විද්‍යාව විද්‍යාවක්....

ආර්ථික විද්‍යාවේදී ආර්ථික ගැටළු විසදා ගැනීම සදහා විද්‍යාත්මක ක්‍රමවේද යොදා ගන්නා නිසා එය විද්‍යාවක් ලෙස හදුන්වයි .

ආර්ථික විද්‍යාව සමාජයීය විද්‍යාවක්....

සමාජය පර්යේෂණාගාරය කොට ගනිමින් සමාජය තුළ සිටින මිනිසාගේ ආර්ථික හැසිරීම් රටාව අධ්‍යනය කරන බැවින් එය සමාජයීය විද්‍යාවකි.වඩාත් ප්‍රයෝගික ලෙස යොදාගත හැකි වීම නිසා ආර්ථික විද්‍යාව සමාජයීය විද්‍යාවන් අතර අග රැජින ලෙසද හදුන්වි.

ආර්ථික විද්‍යාව තේරීම පිළිබද විද්‍යාවක්...

සමාජය තුළ සිටින කුටුම්බ,ව්‍යාපාර,රජය සහ වෙනත් සංවිධාන විවිද තේරීම් කරනු ලබන ආකාරයත්,එම තේරීම් තුලින් සමාජයේ සීමිත් සම්පත් උපයෝජනය වන ආකාරයත් අධ්‍යනය කරන බැවින් එය තේරීම පිළිබද විධ්‍යවකි.


උඩ  තියෙන ටික පාඩම් කරගන්න පුළුවන් නම් ගොඩක් හොදයි .

ආර්ථික විද්‍යාවේ සුවිශේෂී උපකල්පන 2ක් ......

  • සියලු දෙනා ස්වාර්ථය උදෙසා තාර්කිකව කටයුතු කරන බව.
  • තීරණ ගැනීමේදී ආන්තික පිරිවැය , ප්‍රතිලාභ තුලනය කරා තීරණ ගන්නා බව 

අපි දැන් බලමු මොකක්ද මේ ස්වාර්ථය කියල...

ස්වාර්ථය

ස්වාර්ථය උදෙසා තාර්කිකව ක්‍රියා කිරීම කියල අපි උඩ දී කතා කරේ යාලුවනේ විවිද විකල්ප අතුරෙන් තේරීම් කිරීමේදී තමාට වැඩිම තෘප්තියක් ලබා දෙනා තේරීම කරනව කියන එක.

               අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දෙයක් තමි යාලුවනේ ස්වාර්ථය කියන්නේ ආත්මාර්ථකාමී බව නෙමෙඉ කියන එක..

සරලව කිව්වොත් යාලුවනේ ස්වාර්ථය කියන්නේ අපිට විකල්ප කිහිපයක් අතරෙන් තේරීමක් කරන්න සිද්ද උනොත් ඒ වෙලාවේදී අපි තෝරාගන්නේ වෙන කුවුරුත් කැමති දේ නෙමෙඉ. අපි වැඩිපුරම කැමති දේ කියන එකී.


මිනිස් අවශ්‍යතා හා වුවමනා 

අවශ්‍යතා

අවශ්‍යතාවක් කියන්නේ යාලුවනේ සෑම පුද්ගලයෙක් විසින්ම අනිවාර්යෙන් සපුරා ගත යුතු කායික හා මානසික තත්වයන් වලට.
මේවා අපිට  ප්‍රදාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්.
  1. භෞතික අවශ්‍යතා                      - ආහාර, වස්ත්‍ර , වාසස්ථාන 
  2. මානසික හා සමාජයීය අවශ්‍යතා - ආරක්ෂාව, ආත්ම අභිමානය ,ගෞරවය, ආදරය,

වුවමනා 

අපි උඩ දී කතා කරපු අවශ්‍යතා සපුරා ගන්න විවිද ස්වරූප තමි යාලුවනේ වුවමනා කියන්නේ.

උදාහරණයක් විදිහට ආහාර කියන අවශ්‍යතාව සපුරා ගන්න විවිද ස්වරූප තමයි   බත්,පාන්,ඉදි ආප්ප කියන්නේ.



හරි අදත් අපි සරලව කරුණු ටිකක් කතා කරා මේ post ඒකෙන්. මම ඊලග post එක අරන් එනකන් ඔයාල මේක හොදට පාඩම් කරන්න. පොඩ්ඩක් කරේ එතකොට බලන්න ලේසි නිසා.

එහෙනම් මම ගිහින් එන්නම් යාලුවනේ. ඔයාල හැමෝටම සුභ දවසක්......

ආර්ථික විද්‍යාව - 1වන කොටස (ආර්ථික විද්‍යාව හැදින්වීම)

2 comments

ආර්ථික විද්‍යාව මුල ඉදන් පටන් ගමු 

 

ඔන්න අපි ආර්ථික විද්‍යාව පලවෙනි පාඩම පටන් ගන්න යන්නේ.මම කලිනුත් කිව්වා වගේ ඔයා  econ මුකුත්ම දන්නෙ නැති උනත් කමක් නැ.අද ඉදන් එකතු වෙන්න අපිත් එක්ක. මුල ඉදන් සරලව ඉගෙන ගමු. ලස්සනට හෙමිට ඔලුවට දාගමු.මුලින්ම කියන්න ඕනේ ලොකු විෂයක් වගේ පෙනුනට කිසිම අමාරුවක් නැ.අපේ සාමාන්‍ය ජීවිතෙත් එක්ක එකතු කරගෙන ඉගෙන ගන්න පුළුවන්.එතකොට කිසිම අමාරුවක් නැ.
ආර්ථික විද්‍යාව ගැන ඉගෙන ගන්න කලින් අපි බලමු මොකක්ද ආර්ථික විද්‍යාව කියන්නේ කියල.
මේක ගැන විවිධ ආර්ථික විද්‍යාඥයෝ  විවිධ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනව.ඒ නිර්වචන ප්‍රධාන කොටස් 2කට බෙදන්න පුළුවන්.අපි බලමු එහෙනම් ඒ මොනවද කියල.
  1. විෂය ක්ෂේත්‍රය අවධාරණය කරන නිර්වචන
     2 ක්‍රමවේදය අවදාරණය කරන නිර්වචන            කියල කොටස් දෙකක් තියෙනව.


    දැන් අපි හෙමින් සැරේට බලමු මොනවද මේ කියන කුණුහරප වගේ ඒවා කියල. :D .

    විෂය ක්ෂේත්‍රය අවදාරණය කරමින් සකසන ලද නිර්වචන 

    මේකෙදි කියන්නේ යාලුවනේ ආර්ථික විද්‍යාව කියන්නේ සීමා සහිත සම්පත් ප්‍රමාණයක් පවතින සමාජයක් තුල මිනිසාගේ භෞතික අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කිරීමේදී  නිෂ්පාදනය, බෙදා හැරීම හා පරිබෝජනය කියන ක්ෂේත්‍ර වලදී මිනිසා හැසිරෙන ආකාරය විග්‍රහ කිරීමට සුවිශේෂී වශයෙන් යොමු උන විෂයක් කියලි.

    සරලවම කිව්වොත් මිනිස්සුගේ අසීමිත උවමනා හා සීමිත සම්පත් අතර ඇති වෙන හිගය ගැන  ....

    ඇල්ෆ්‍රඩ් මාර්ෂල් 

     

    එදිනෙද ව්‍යාපාරික ජීවිතයේ දී  මිනිසුන් කටයුතු කරන ආකාරය අධ්‍යනය කරනු ලබන විෂයි.

    ලයනල් රෝබින්සන් 

     

    විකල්ප භාවිත් සහිත හිග සම්පත් හා මිනිස් වූවමනා අතර පවතින සම්බන්දතාවේදී මිනිස් හැසිරීම් අධ්‍යනය කෙරෙන විද්‍යාවයි.

    පොල් සැමුවෙල්සන් 

     

    සමාජය විසින් ඵලදායි භාණ්ඩ නිෂ්පාදනය කිරීම සදහා හිග සම්පත් භාවිත කරනු ලබන්නේ කෙසේද , එලෙස නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවා සමාජයේ විවිධ පුද්ගලයන් අතර බෙදා හරිනු ලබන්නේ කෙසේද , යන්න අධ්‍යනය කරනු ලබන විෂයකි.

    ක්‍රමවේදය අවධාරණය කරනු ලබන නිර්වචන

    මේකෙන් අධ්‍යනය කරන්නේ  යාලුවනේ විෂය ක්ෂේත්‍රය තුල සලකා බැලෙන ප්‍රශ්න කෙරෙහි නොව ,එකී ප්‍රශ්න විග්‍රහ කිරීමට භාවිතා කෙරෙන ක්‍රමවේදය හා ශිල්ප ක්‍රමය කෙරෙහිය.

    ඒ කියන්නේ යාලුවනේ මේකෙදි කතා කරන්නේ ප්‍රශ්නේ ගැන නෙමෙයි  ප්‍රශ්නෙට විසදුම් හොයන හැටි ....
      

    ජෝන් මෙනාඩ් කේන්ස්  

    මොහු කියන විදිහට  ආර්ථික විද්‍යාව වූ කලි කිසියම් දර්ශනයක් හෝ මතවාදයක් හෝ නොව නිවැරදි නිගමන කරා එලබීමට මනසට ආධාරකයක් සපයන මෙවලම් කට්ටලයකි.


    ඒ කියන්නේ යාලුවනේ මේ ආර්ථික විද්‍යාව කිසියම් ප්‍රශ්නයක් විග්‍රහ කරන්න , කිසියම් විෂයක් සදහා ගොඩ නගල  ඇති දෙයක්  නෙමෙඉ.මේක මතවාදයක් හෝ දරෂනයකුත් නෙමෙඉ. එහෙනම් මොකක්ද මේ????

    මෙය මිනිසා අලුත් ක්‍රමයට සිතන්න සිතන්න යොමු කරන, සිතීමට ආදරයන් සපයන විදි ක්‍රමයක්.මෙය නිවැරදි නිගමන වලට එලබෙන්නට මනසට ආදරක සපයන දෙයක්..

    හරි යාලුවනේ.ඔන්න අපි ආර්ථික විද්‍යාව ගැන එකේ එක විද්‍යාඥයෝ එයාලගේ මත ඉදිරිපත් කරපු හැටි බැලුවා. දැන් ඉතින් ඔය ඔක්කොම මතක තියාගන්න අමාරු නිසා මම දෙන්නම් ආර්ථික විද්‍යාව ගැන පොදු නිර්වචනයක්.

    ආර්ථික විද්‍යාව යනු විකල්ප ප්‍රයෝජන සහිත හිග සම්පත් මිනිසාගේ අසීමිත වුවමනා අතර කාර්යක්ෂමව බෙදා හරින්නේ කෙසේද යන්න හදාරන විෂයයි .

    පලවෙනි පාඩම නිසා වැඩිය දිගට ලියන්න අදහසක් නැ.මෙතනින් නවත්තමු. 

      

              හොදයි අපි පලවෙනි lesson ඒකෙන් ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියල අදහසක් ගත්තා .ඊලග පාඩමේදී බලමු තවත් හොද කරුණු ටිකක් සරලව.



    එතකන් ඔයාල හැමෝටම සුබ දවසක්.




අපි කොහොම හරි A/LEVEL ගොඩ දා ගමු

2 comments

           

                           මුලින්ම කියන්නම් මම blogging වලට නම් අලුත්.එක නිසා වරදින තැන් හදාගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා..ඔයාලත් උදව් කරි කියල හිතනවා.ගොඩක් කාලෙක ඉදන් මේ වගේ දෙයක් කරන්න අදහසක් තිබුනට එක එක හේතු නිසා වැඩේ කල් ගියා .ඔන්න අද පටන් ගත්ත. දැන් ඉතින් කාටවත් බැ නවත්තන්න. මම කොහොම හරි මේක පුළුවන් උපරිමයෙන් කරන්න හිතන් ඉන්නේ           

ඔන්න හැමෝම හොයන එත් කාටවත් හරියට කරගන්න බැරි උන ගොඩක් වැදගත් බ්ලොග් එකක් කරන්න හිතුවා. A levels වලට commerce  කරන හැමෝටම වැදගත් වෙන්න A level  විෂයන් 3 මුල ඉදන් (A-Z ) සරලව කරන්න හිතුවා. 

                                                                      ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පාඩම් කරන්න වෙලාවක් නැ,වෙලාවක් තිබුනත් පාඩම් කරන්න හිතෙන්නේ නැ.ඔය දෙකම හදාගෙන පාඩම් කරන්න හිතාගෙන වැඩේට බැස්සම මෙන්න යකෝ NOTES සම්පූර්ණ  නැ.එතකොට ඉතින් මල පනින්නේ නැ :D. මේ ප්‍රශ්න ඔක්කොටම විසදුමක් දෙන්න හිතාගෙන තමි මේ වැඩේට බැස්සේ.අනිත් පැත්තෙන් මේකේ  තියෙන වැදගත්කම තමයි  අපි පාරේ යන වෙලාවක උනත් mobile ඒකෙන් බලන්න පුළුවන් නිසා වටේ පිටේ ඉන්න උන්ට  නොන්ඩි නොවෙන්න  අපිට පාඩමක් බලාගන්න පුළුවන්. හොදයි  නේද?




                                               .එක නිසා alevel කොහොම හරි දාගන්න හිතාගෙන ගේමට බැහැල  මැද්දෙදි class cut කරලා beach ගිහින් නාලා fun ගත්තු අය,boot කාලා upset ගියා කෙල්ලෝ කොල්ලෝ ,තව ඔය එකී මෙකි නොකී  හේතු නිසා පාඩම් වඩ මග ඇරුණු හැමෝම set වෙමු. දැන් බකන් නිලන් හිටිය ඇති.

අපි කොහොම හරි මේ වැඩේ ගොඩ දාගමු.මගේ පැත්තෙන් උපරිමය මම දෙනවා.ඔයාලගේ පැත්තෙන් මට ඕනේ 2 යි . වැරදියට හිතන්න එපා හොදේ :D
  1.  උනන්න්දුව 
  2. කැපවීම 
                       ඔයාලා කොහොම හරි වැඩේ ගොඩ දා ගත්තොත් එක වෙන කාටවත් නෙමෙයි .ඔයාටයි ඔයාගේ පව්ලේ අයටයි .මොකද  මේ වගේ රටක ඉපදිලා අම්මල තාත්තල දවසම මැරිලා ගෙදරට හොයන්  ඇවිත් දෙන පොඩි ගාන වියදම් කරලා පන්ති ගිහින් අවුරුදු තුනක් ඉගෙන ගෙන ඔයාලගෙන් එයාල ඉල්ලන්නේ  එයාල ඉල්ලන පුංචි A අකුරු තුනක් විතරයි .
                                                          ඔයාලගේ දෙමව්පියන්ගේ ඒ අහිංසක බලාපොරොත්තුව ඉටු කරන්න මම ඔයාලට උදව් කරන්න හිතුවා. ඉතුරු ටික තියෙන්නේ ඔයාලගේ අතේ.

අද ඉදන් අකමැත්තෙන් කරපු දේ සතුටින් කරමු. සතුටින් පාඩම් කරලා අපිට මොනවද කරන්න බැරි කියල හැමෝටම පෙන්නමු.
                                              පුළුවන් තරම් ඉක්මනට lesson  එකකින් අයෙත්  හම්බෙමු. එතකන් ඔයාලට                                                    
                                                                            සුබ දවසක්.