eaZy A levelZ

ආර්ථික විද්‍යාව -2වන කොටස

ඔන්න යාලුවනේ තවත් අලුත් post එකක් අරන් අවා. අදත් අපි බලමු ආර්ථික විද්‍යාව ගැන වැදගත් කොටසක් ගොඩක් සරලව ඉගෙන ගන්න.

හරි අපි දැන් පහල තියෙන රූප සටහන බලමු.
econ sinhala eazyalevelz
.

හරි අපි දැන් හෙමින් සැරේ බලමු මේසටහනට අනුව මොකක්ද මේ කියල තියෙන්නේ කියල.

ආර්ථික විද්‍යාව විද්‍යාවක්....

ආර්ථික විද්‍යාවේදී ආර්ථික ගැටළු විසදා ගැනීම සදහා විද්‍යාත්මක ක්‍රමවේද යොදා ගන්නා නිසා එය විද්‍යාවක් ලෙස හදුන්වයි .

ආර්ථික විද්‍යාව සමාජයීය විද්‍යාවක්....

සමාජය පර්යේෂණාගාරය කොට ගනිමින් සමාජය තුළ සිටින මිනිසාගේ ආර්ථික හැසිරීම් රටාව අධ්‍යනය කරන බැවින් එය සමාජයීය විද්‍යාවකි.වඩාත් ප්‍රයෝගික ලෙස යොදාගත හැකි වීම නිසා ආර්ථික විද්‍යාව සමාජයීය විද්‍යාවන් අතර අග රැජින ලෙසද හදුන්වි.

ආර්ථික විද්‍යාව තේරීම පිළිබද විද්‍යාවක්...

සමාජය තුළ සිටින කුටුම්බ,ව්‍යාපාර,රජය සහ වෙනත් සංවිධාන විවිද තේරීම් කරනු ලබන ආකාරයත්,එම තේරීම් තුලින් සමාජයේ සීමිත් සම්පත් උපයෝජනය වන ආකාරයත් අධ්‍යනය කරන බැවින් එය තේරීම පිළිබද විධ්‍යවකි.


උඩ  තියෙන ටික පාඩම් කරගන්න පුළුවන් නම් ගොඩක් හොදයි .

ආර්ථික විද්‍යාවේ සුවිශේෂී උපකල්පන 2ක් ......

  • සියලු දෙනා ස්වාර්ථය උදෙසා තාර්කිකව කටයුතු කරන බව.
  • තීරණ ගැනීමේදී ආන්තික පිරිවැය , ප්‍රතිලාභ තුලනය කරා තීරණ ගන්නා බව 

අපි දැන් බලමු මොකක්ද මේ ස්වාර්ථය කියල...

ස්වාර්ථය

ස්වාර්ථය උදෙසා තාර්කිකව ක්‍රියා කිරීම කියල අපි උඩ දී කතා කරේ යාලුවනේ විවිද විකල්ප අතුරෙන් තේරීම් කිරීමේදී තමාට වැඩිම තෘප්තියක් ලබා දෙනා තේරීම කරනව කියන එක.

               අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දෙයක් තමි යාලුවනේ ස්වාර්ථය කියන්නේ ආත්මාර්ථකාමී බව නෙමෙඉ කියන එක..

සරලව කිව්වොත් යාලුවනේ ස්වාර්ථය කියන්නේ අපිට විකල්ප කිහිපයක් අතරෙන් තේරීමක් කරන්න සිද්ද උනොත් ඒ වෙලාවේදී අපි තෝරාගන්නේ වෙන කුවුරුත් කැමති දේ නෙමෙඉ. අපි වැඩිපුරම කැමති දේ කියන එකී.


මිනිස් අවශ්‍යතා හා වුවමනා 

අවශ්‍යතා

අවශ්‍යතාවක් කියන්නේ යාලුවනේ සෑම පුද්ගලයෙක් විසින්ම අනිවාර්යෙන් සපුරා ගත යුතු කායික හා මානසික තත්වයන් වලට.
මේවා අපිට  ප්‍රදාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්.
  1. භෞතික අවශ්‍යතා                      - ආහාර, වස්ත්‍ර , වාසස්ථාන 
  2. මානසික හා සමාජයීය අවශ්‍යතා - ආරක්ෂාව, ආත්ම අභිමානය ,ගෞරවය, ආදරය,

වුවමනා 

අපි උඩ දී කතා කරපු අවශ්‍යතා සපුරා ගන්න විවිද ස්වරූප තමි යාලුවනේ වුවමනා කියන්නේ.

උදාහරණයක් විදිහට ආහාර කියන අවශ්‍යතාව සපුරා ගන්න විවිද ස්වරූප තමයි   බත්,පාන්,ඉදි ආප්ප කියන්නේ.



හරි අදත් අපි සරලව කරුණු ටිකක් කතා කරා මේ post ඒකෙන්. මම ඊලග post එක අරන් එනකන් ඔයාල මේක හොදට පාඩම් කරන්න. පොඩ්ඩක් කරේ එතකොට බලන්න ලේසි නිසා.

එහෙනම් මම ගිහින් එන්නම් යාලුවනේ. ඔයාල හැමෝටම සුභ දවසක්......

2 comments:

  1. Good work.Keep it
    උසස් පෙළ ආර්ථික විද්‍යාව සදහා A සාමාර්ථයක් !!!
     සියළුම පාඩම් සදහා අවශ්‍ය කෙටි සටහන්
     බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු
     එක් එක් පාඩම් සදහා වෙන වෙනම ප්‍රශ්න පත්‍ර
     විෂය සමගාමී වීඩියෝ දර්ශන
    ඔබේ ජංගම දුරකථනයටම ලබා ගැනීමට,
    Mobitel දුරකථනයෙන් REG(හිස්තැනක්) ECON ලෙස type කර 2244 ට SMS කරන්න
     මෙහිදී සියලුම Letters Captitel විය යුතුය.
     REG වලින් පසුව එක් හිස්තැනක් පමණක් තැබිය යුතුය.
     මෙය Mobitel දුරකථන සදහා පමණක් වලංගු වන අතර ඔබ සතුව Mobitel දුරකථනයක් නොමැතිනම් Mobitel සිම්පතක් ලබා ගෙන මෙම සේවාව Activate කර ගන්න.මෙම සේවාව ඔබේ උසස් පෙළ විභාගය සදහා මහත් පිටුවහලක් වනු නොඅනුමානයි.

    ReplyDelete
  2. TITIAN CATATONICAR GRATIS - titanium flat irons
    TITIAN titanium quartz CATATONICAR GRATIS. titanium frame glasses All-in-One: The TINIAN CATATONICAR GRATIS. All-out-Time: 3:00 PM. oakley titanium glasses Home: columbia titanium pants TINIAN TITIAN titanium dioxide sunscreen PARITECTRE, Monaco.

    ReplyDelete