eaZy A levelZ

ආර්ථික විද්‍යාව - 1වන කොටස (ආර්ථික විද්‍යාව හැදින්වීම)

ආර්ථික විද්‍යාව මුල ඉදන් පටන් ගමු 

 

ඔන්න අපි ආර්ථික විද්‍යාව පලවෙනි පාඩම පටන් ගන්න යන්නේ.මම කලිනුත් කිව්වා වගේ ඔයා  econ මුකුත්ම දන්නෙ නැති උනත් කමක් නැ.අද ඉදන් එකතු වෙන්න අපිත් එක්ක. මුල ඉදන් සරලව ඉගෙන ගමු. ලස්සනට හෙමිට ඔලුවට දාගමු.මුලින්ම කියන්න ඕනේ ලොකු විෂයක් වගේ පෙනුනට කිසිම අමාරුවක් නැ.අපේ සාමාන්‍ය ජීවිතෙත් එක්ක එකතු කරගෙන ඉගෙන ගන්න පුළුවන්.එතකොට කිසිම අමාරුවක් නැ.
ආර්ථික විද්‍යාව ගැන ඉගෙන ගන්න කලින් අපි බලමු මොකක්ද ආර්ථික විද්‍යාව කියන්නේ කියල.
මේක ගැන විවිධ ආර්ථික විද්‍යාඥයෝ  විවිධ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනව.ඒ නිර්වචන ප්‍රධාන කොටස් 2කට බෙදන්න පුළුවන්.අපි බලමු එහෙනම් ඒ මොනවද කියල.
  1. විෂය ක්ෂේත්‍රය අවධාරණය කරන නිර්වචන
     2 ක්‍රමවේදය අවදාරණය කරන නිර්වචන            කියල කොටස් දෙකක් තියෙනව.


    දැන් අපි හෙමින් සැරේට බලමු මොනවද මේ කියන කුණුහරප වගේ ඒවා කියල. :D .

    විෂය ක්ෂේත්‍රය අවදාරණය කරමින් සකසන ලද නිර්වචන 

    මේකෙදි කියන්නේ යාලුවනේ ආර්ථික විද්‍යාව කියන්නේ සීමා සහිත සම්පත් ප්‍රමාණයක් පවතින සමාජයක් තුල මිනිසාගේ භෞතික අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කිරීමේදී  නිෂ්පාදනය, බෙදා හැරීම හා පරිබෝජනය කියන ක්ෂේත්‍ර වලදී මිනිසා හැසිරෙන ආකාරය විග්‍රහ කිරීමට සුවිශේෂී වශයෙන් යොමු උන විෂයක් කියලි.

    සරලවම කිව්වොත් මිනිස්සුගේ අසීමිත උවමනා හා සීමිත සම්පත් අතර ඇති වෙන හිගය ගැන  ....

    ඇල්ෆ්‍රඩ් මාර්ෂල් 

     

    එදිනෙද ව්‍යාපාරික ජීවිතයේ දී  මිනිසුන් කටයුතු කරන ආකාරය අධ්‍යනය කරනු ලබන විෂයි.

    ලයනල් රෝබින්සන් 

     

    විකල්ප භාවිත් සහිත හිග සම්පත් හා මිනිස් වූවමනා අතර පවතින සම්බන්දතාවේදී මිනිස් හැසිරීම් අධ්‍යනය කෙරෙන විද්‍යාවයි.

    පොල් සැමුවෙල්සන් 

     

    සමාජය විසින් ඵලදායි භාණ්ඩ නිෂ්පාදනය කිරීම සදහා හිග සම්පත් භාවිත කරනු ලබන්නේ කෙසේද , එලෙස නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවා සමාජයේ විවිධ පුද්ගලයන් අතර බෙදා හරිනු ලබන්නේ කෙසේද , යන්න අධ්‍යනය කරනු ලබන විෂයකි.

    ක්‍රමවේදය අවධාරණය කරනු ලබන නිර්වචන

    මේකෙන් අධ්‍යනය කරන්නේ  යාලුවනේ විෂය ක්ෂේත්‍රය තුල සලකා බැලෙන ප්‍රශ්න කෙරෙහි නොව ,එකී ප්‍රශ්න විග්‍රහ කිරීමට භාවිතා කෙරෙන ක්‍රමවේදය හා ශිල්ප ක්‍රමය කෙරෙහිය.

    ඒ කියන්නේ යාලුවනේ මේකෙදි කතා කරන්නේ ප්‍රශ්නේ ගැන නෙමෙයි  ප්‍රශ්නෙට විසදුම් හොයන හැටි ....
      

    ජෝන් මෙනාඩ් කේන්ස්  

    මොහු කියන විදිහට  ආර්ථික විද්‍යාව වූ කලි කිසියම් දර්ශනයක් හෝ මතවාදයක් හෝ නොව නිවැරදි නිගමන කරා එලබීමට මනසට ආධාරකයක් සපයන මෙවලම් කට්ටලයකි.


    ඒ කියන්නේ යාලුවනේ මේ ආර්ථික විද්‍යාව කිසියම් ප්‍රශ්නයක් විග්‍රහ කරන්න , කිසියම් විෂයක් සදහා ගොඩ නගල  ඇති දෙයක්  නෙමෙඉ.මේක මතවාදයක් හෝ දරෂනයකුත් නෙමෙඉ. එහෙනම් මොකක්ද මේ????

    මෙය මිනිසා අලුත් ක්‍රමයට සිතන්න සිතන්න යොමු කරන, සිතීමට ආදරයන් සපයන විදි ක්‍රමයක්.මෙය නිවැරදි නිගමන වලට එලබෙන්නට මනසට ආදරක සපයන දෙයක්..

    හරි යාලුවනේ.ඔන්න අපි ආර්ථික විද්‍යාව ගැන එකේ එක විද්‍යාඥයෝ එයාලගේ මත ඉදිරිපත් කරපු හැටි බැලුවා. දැන් ඉතින් ඔය ඔක්කොම මතක තියාගන්න අමාරු නිසා මම දෙන්නම් ආර්ථික විද්‍යාව ගැන පොදු නිර්වචනයක්.

    ආර්ථික විද්‍යාව යනු විකල්ප ප්‍රයෝජන සහිත හිග සම්පත් මිනිසාගේ අසීමිත වුවමනා අතර කාර්යක්ෂමව බෙදා හරින්නේ කෙසේද යන්න හදාරන විෂයයි .

    පලවෙනි පාඩම නිසා වැඩිය දිගට ලියන්න අදහසක් නැ.මෙතනින් නවත්තමු. 

      

              හොදයි අපි පලවෙනි lesson ඒකෙන් ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියල අදහසක් ගත්තා .ඊලග පාඩමේදී බලමු තවත් හොද කරුණු ටිකක් සරලව.



    එතකන් ඔයාල හැමෝටම සුබ දවසක්.




2 comments:

  1. හොද විෂය කරුණු ටිකක්
    1.E-money,Computer, Facebook, Gmail, Dialog දුරකථනයට ලබා ගැනීමට REG[SPACE] danuma ලෙස සදහන් කර 77002 ට sms කරන්න.
    2.මව්කිරි ලබා දීමේදී සැළකිලිමත් විය යුතු කරුණු Dialog දුරකථනයට ලබා ගැනීමට REG[SPACE] LMK ලෙස සදහන් කර 77000 ට sms කරන්න
    3.දෙමළ විභාග ජය ගැනීමට අවශ්යත දැනුම Dialog දුරකථනයට ලබා ගැනීමට REG[SPACE] demala ලෙස සදහන් කර 77000 ට sms කරන්න.
    4. කුංග්ෆු සටන් කලා දැනුම ලබා ගැනීමට Dialog දුරකථනයට ලබා ගැනීමට REG[SPACE] kunfu ලෙස සදහන් කර 77000 ට sms කරන්න.
    5.උසස් පෙළ ආර්ථික විද්යාැ දැනුම Dialog දුරකථනයට ලබා ගැනීමට REG[SPACE] economic ලෙස සදහන් කර 77000 ට sms කරන්න.
    6.පිළිගත් ආයතනයක රැකියාවක් ලබා ගැනීමටREG[SPACE] LJD ලෙස සදහන් කර 77000 ට sms කරන්න. .(Dialog)

    ReplyDelete