මුලින්ම කියන්නම් මම blogging වලට නම් අලුත්.එක නිසා වරදින තැන් හදාගෙන
ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා..ඔයාලත් උදව් කරි කියල හිතනවා.ගොඩක් කාලෙක
ඉදන් මේ වගේ දෙයක් කරන්න අදහසක් තිබුනට එක එක හේතු නිසා වැඩේ කල් ගියා
.ඔන්න අද පටන් ගත්ත. දැන් ඉතින් කාටවත් බැ නවත්තන්න. මම කොහොම හරි මේක
පුළුවන් උපරිමයෙන් කරන්න හිතන් ඉන්නේ
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පාඩම් කරන්න වෙලාවක් නැ,වෙලාවක් තිබුනත් පාඩම් කරන්න හිතෙන්නේ නැ.ඔය දෙකම හදාගෙන පාඩම් කරන්න හිතාගෙන වැඩේට බැස්සම මෙන්න යකෝ NOTES සම්පූර්ණ නැ.එතකොට ඉතින් මල පනින්නේ නැ :D. මේ ප්‍රශ්න ඔක්කොටම විසදුමක් දෙන්න හිතාගෙන තමි මේ වැඩේට බැස්සේ.අනිත් පැත්තෙන් මේකේ තියෙන වැදගත්කම තමයි අපි පාරේ යන වෙලාවක උනත් mobile ඒකෙන් බලන්න පුළුවන් නිසා වටේ පිටේ ඉන්න උන්ට නොන්ඩි නොවෙන්න අපිට පාඩමක් බලාගන්න පුළුවන්. හොදයි නේද?
.එක නිසා alevel කොහොම හරි දාගන්න හිතාගෙන ගේමට බැහැල මැද්දෙදි class cut කරලා beach ගිහින් නාලා fun ගත්තු අය,boot කාලා upset ගියා කෙල්ලෝ කොල්ලෝ ,තව ඔය එකී මෙකි නොකී හේතු නිසා පාඩම් වඩ මග ඇරුණු හැමෝම set වෙමු. දැන් බකන් නිලන් හිටිය ඇති.
අපි කොහොම හරි මේ වැඩේ ගොඩ දාගමු.මගේ පැත්තෙන් උපරිමය මම දෙනවා.ඔයාලගේ පැත්තෙන් මට ඕනේ 2 යි . වැරදියට හිතන්න එපා හොදේ :D
- උනන්න්දුව
- කැපවීම
ඔයාලගේ දෙමව්පියන්ගේ ඒ අහිංසක බලාපොරොත්තුව ඉටු කරන්න මම ඔයාලට උදව් කරන්න හිතුවා. ඉතුරු ටික තියෙන්නේ ඔයාලගේ අතේ.
අද ඉදන් අකමැත්තෙන් කරපු දේ සතුටින් කරමු. සතුටින් පාඩම් කරලා අපිට මොනවද කරන්න බැරි කියල හැමෝටම පෙන්නමු.
පුළුවන් තරම් ඉක්මනට lesson එකකින් අයෙත් හම්බෙමු. එතකන් ඔයාලට
සුබ දවසක්.
සුබ දවසක්.










ela wadak machow.. (y) mama nam karanne mathz. habai mepara xam karala mama meka aniwa kiyawanawa. commerce danan hitiya kiyala wadi wenne nane ;)
ReplyDeleteනියමයි බන්..... :) ඔහොමම යන් මගදී හිටින් නැතුව
ReplyDelete